Sunday, April 14, 2013

50.අලුත් අවුරුද්ද සහ පනහ




අද දවස කාරණා දෙකක් නිසා මට වැදගත්...එකක් තමයි සිංහල අලුත් අවුරුද්ද...අනික මේ තමයි මගෙ පනස් වෙනි පෝස්ටුව....ඉස්සෙල්ල අවුරුදු ගැන කියල ඉම්මු.

විප්‍රවාසයෙ ගතකරන අපිවාගෙ අයට අලුත් අවුරුද්ද එච්චර සකිලයක් නෑ කියල කවුරුත් දන්නවනෙ...අපේ රටෙන් ගෙවල්වලින් නෑදෑ හිතවතුන්ගෙන් දුරස්වෙලා ඉන්නකොට අවුරුදු ජයට කන්න බැහැනෙ.

ඒත් ඉතින් කිරිබත් ටිකක් හදල කනව සිරිතට... වෙලාවල් නම් අල්ලගන්න අමාරුයි...වෙලාවෙ වෙනස හැටියට මේ සැරේ උයනවනං පාන්දර දෙකට විතර උයල පාන්දර පහකුත් ගානට තමයි කන්න තියෙන්නෙ...ඒක කොහොමටවත් ප්‍රායෝගික නෑනෙ.

මේ තමයි අපේ දුප්පත් අවුරුදු මේසෙ...කිරිබත්,කෙසෙල්ගෙඩි,ලුණුමිරිස්,අලුව වර්ග දෙකක්,වැලිතලප සහ උළුඳු වඩේ...අනික් හිතවතුන්ගෙන් කැවුම්, කොකිස්,කේක්,මුංගුලි ආදී තවත් රසකැවිලි පස්සෙ ලැබුණා.

උළුඳු වඩේ හැලපයා හෙවත් මගේ නිෂ්පාදනයක්...ඉතුරු ඔක්කොම හැදුවෙ හැලපි හෙවත් මගේ බිරිඳ...උළුඳු වඩේ හදන හැටිනං පින්තූරද සහිතව බ්ලොග් එකේ දාන්න අදහසක් නෑ...මේ දවස්වල බ්ලොග් වල චෙප්ල වැහි වැහැලනෙ...ඒ වගේම චෙප්ලට මඩත් වදිනව...ඇයි පපඩම් බදින හැටියි බිත්තර තම්බන හැටියිත් කියල දීල තිබ්බනෙ...ඒ පෝස්ට් දෙක බලල මමනං හරියට විනෝද වුණා...නිර්මාණාත්මක පෝස්ට් දෙකක්...බිත්තර තම්බල කපා ගන්න හැටිත් කියල තිබුණා...ගලගොඩ අත්තයගෙ උපදෙස් අනුව ගෑණු පස්දෙනෙක් බැඳපු එකෙක් මේ තරමට බිත්තරේ කපාගන්න කියල හීනියට කපන හැටි පෙන්නල තිබුණා...බල සේනාවෙ එකෙක්ද කොහෙද ඇනෝ ඇවිත් අමු කුණුහරුපෙන් බැනල තිබුනනෙ...මට ඉළ නෑ හිනා.

 වැදගත්ම දේ තමයි අවුරුද්දට දවස් පහක නිවාඩුවක් ලැබුණු එක...ආපහු වැඩට යන්නෙ අඟහරුවාදා.
ඉතින් ඔබ සියලු දෙනාටම බතින් බුලතින් සපිරි කිරියෙන් පැණියෙන් උතුරන සුබම සුබ නව වසරක් වේවායි හැලප පවුල ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.

ඊළඟට මට පෞද්ගලිකව වැදගත් මං සළකුණක් වන පනස්වන ලිපිය තමයි මේ...මගේ බ්ලොග් එක 2012 නොවැම්බර් මාසෙ පටන්ගත්තට මම ලියන්න ගත්තෙ දෙසැම්බර් ඉඳලයි...අප්‍රේල් මැදවෙද්දි පනහක් ලියාගන්න පුලුවන් වුණා.

නොවැම්බර් බ්ලොග් එක ආරම්භ කරල මම මාසයක්ම කල්පනා කළා මම ලියන දේවල් ඔයාල කොහොම පිළිගනීද කියල...හිනාවෙයිද අපහාස කරයිද කියවයිද ආදී වශයෙන්...එහෙම හිතන්න හේතුව කුඩාකාලෙ මගේ වැඩෙන ළපටි පෞරුෂත්වයට වැදුනු මරු පහරක්...මේ වයසට වෙලත් මම තවමත් පසුගාමීයි...මට හිතෙන්නෙ අනික් අය මම ලියන දේවල් අගය නොකරයි හිනාවෙයි කියල...මේ පසුගාමිත්වය කරගහගෙන තමා මට ජීවිතේ ඉදිරියටත් යන්න වෙලා තියෙන්නෙ(පණ බයයි මෙහෙම ලියන්න එතකොටත් මඩ වදිනවනෙ දුක විකුණනව කියල )

 කොහොම නමුත් හිත තදකරගෙන මම ලිපි කීපයක් ලියල දැම්මහම එයට ලැබුණේ මම නොසිතූවිරූ පිළිගැනීමක්...කවුරුත් කිසිම බේදයකින් තොරව මම ලියනදේවල් අගය කළා...වර්ණනා කළා සමහර සොයුරන් මාව බ්ලොග් ලෝකයට හඳුන්වල දුන්නා...මාගැන ලිපි පවා ලිව්වා...ඒ ඔක්කොගෙම උදව්වෙන් තමයි මම දිගටම ලියන්න හිත දිරිමත් කරගත්තෙ.

මනුස්සයෙකුගෙ ජීවිතයට නහරවල දුවන රුධිරය කොච්චර වැදගත් වෙනවද හා සමානවම බ්ලොග් කරුවෙකුට ඔහුගෙ පෝස්ට්වලට වැටෙන කමෙන්ට් වැදගත් වෙනවා...බ්ලොග්කරුවන් දිගටම ලියන්න ධෛර්යමත්වෙන්නෙ ඔවුන්ට ලැබෙන කමෙන්ට් වලින්...අපි ආත්ම තෘප්තිය උදෙසා ලිව්වත් තවත්කෙනෙක් ඒ ලිපි නොබලනව නම් කමෙන්ට් නොකරනව නම් ඒ බ්ලොග්කරු නිකම්ම උකටලී වෙනවා...ලියන්න හිතෙන්නෙ නෑ.

ඒ නිසා එහෙම වෙන්න නොදී මගේ ලිපි කියැවූ කමෙන්ට් කළ මා හඳුන්වා දුන් ඔබ සැමටම මගේ හෘදයාංගම ස්තූතිය පිළිගන්වන්න කැමතියි.

 ඊළඟට තවත් දෙන්නෙක් ඉන්නව ස්තූති කරන්න...මට ලියන්න පරිසරය හදල දීල නිදහස දෙන හැලපි හෙවත් මගේ බිරිඳ...ඇය තමයි මම අර කියපු පසුගාමිත්වයෙන් මාව උඩට ඇදගත්තු එක්කෙනෙක්...ඇය මා ධෛර්යමත් කරනව පමණක් නොවෙයි මම ලියනකොට තේ කෝප්පෙ පවා ළඟට ගෙනැත් දෙනවා...ලියන දේ මුලින්ම කියවල වාචික කමෙන්ටුවකුත් ලබාදෙනවා...ඇයටත් තාත්ත ලියන දේවල් අම්මට කියල කියවගන්න හැලපැට්ටා හෙවත් පුතාටත් මගේ හෘදයාංගම ස්තූතිය පිළිගන්වනවා.

මේක තමයි අද කතාව...මගේ අත්දැකීමක් නෙවෙයි මම අහපු ජන කතාවක්.

ඔන්න එක ගමරාළ කෙනෙක් මන්තර බලෙන් යකෙක් බැඳගෙන වැඩ ගන්නවලු...මේ යකාට වැඩ දීල ඉවර කරන්න බෑලු...මේ කියන පරක්කුවෙන් වැඩේ කරලත් ඉවරයි...වැඩ දෙන්න නැතිවුණොත් ඌව බෙල්ල කඩල දානවා...ගමරාළ කිව්වලු ගිහින් කුඹුර කොටපන්... කියල යකා විනාඩි දහයෙන් කුඹුරු යායම කොටල ඇවිත්...තව වැඩ දෙන්න කියල ඉල්ලනවලු.

දැන් ගමරාළට හරි ප්‍රශ්නෙ...මේ යකාට වැඩ කොහෙන් දෙන්නද...ගමහාමිනේ අහනව ගමරාළ කම්මුලේ අත තියාගෙන කල්පනා කරනකොට...

මොනවද ඕයි කල්පනා කරන්නෙ...

ඒ ගමන ගමරාළ කතාව කිව්ව...ගම හාමිනේ කියනව...

ආ...එහෙමද...ආයෙම වැඩ ඉල්ලන්න ආපුවාම කියනවකො මගෙන් වැඩ ඉල්ලගන්න කියල...

ඔන්න දැන් යකත් දුන්න වැඩ ඉවරකරල ගමරාළ ළඟට ඇවිත් කියනව...

කෝ වැඩ...කෝ වැඩ...වැඩ කෝ...

ගමරාළ කිව්ව....

ගිහින් ගමහාමිනේගෙන් වැඩ ඉල්ලගනිංකෝ...

ඒ ගමන මූ විද්ද ගම හාමිනේ ළඟට...

කෝ වැඩ...කෝ වැඩ...වැඩ කෝ...

ආ...පොඩ්ඩක් වාඩිවෙයන්කෝ...

එහෙම කියපු ගම හාමිනේ හිමිහිට පොඩ්ඩක් අනික් පැත්තට හැරිල ඇඳන් හිටපු කම්බාය අස්සෙන් ට්‍රිෂ් කියල මොකක්ද ඇදල අරන් යකාට දුන්නලු...

මෙන්න මේක දිගඇරගෙන වරෙන්කෝ...

 යකත් මේක අරන් හිනාවෙලා...

මේකත් මට වැඩක්ද...කියල පැත්තකට වෙලා මේක දිග අරින්න ගත්තලු...

ඇදල අත අරිනකොට ආයෙත් කැරලි ගැහෙනව...යකා හැන්දැවෙනකම්ම මේක දිග ඇරගන්න බැලුව බෑ...දීපු විදියමයි.

පරාජය බාරගන්න අකමැති වෙච්චි යකා දුවගෙන ගිහින් ඉස්සරහ කන්දෙ තිබ්බ මහ ගලෙන් පහළට පැනල සියදිවි නසා ගත්තලු.

හැඳිමිටේ නුවණ ගැන හැමදාම පිරිමින්ගෙන් අවමාන අපහාස විඳින සමස්ත කාන්තා පරපුරටම මේ කතාව උපහාර පිණිස වේවා.

102 comments:

  1. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    50 පොස්ට් එකටත් මගෙන් සුභ පැතුම්. ඉදිරියටත් මේ වගේ ජොලි කතා ලියන්න ලැබේවා..

    ReplyDelete
  2. සුභ නව වසරක් වේවා!!!
    50 ට මගෙන් සුභ පැතුම්!!!!!

    ReplyDelete
    Replies
    1. නාඩියාටත් බොහොම ස්තූතියි

      Delete
  3. සුභ නව වසරක් වේවා..!
    සිය දහස් ගණනින් තව තවත් පෝස්ට් ලියන්නට ශක්තිය ධෛර්ය ලැබේවා..!

    ReplyDelete
  4. ආ තව කාරණයක්...
    මට අනුවනං මේක තමා මේ දවස්වල නැගලාම යන බ්ලොගේ... මේක පහලට දාන්නනං අර ජපන් කෙන්ජි උන්නැහේ බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න ඕන... අත්දැකීම් බහුල වයසක උන්නැහේලා වැඩි වැඩියෙන් බ්ලොග් ලෝකයට පිවිසේවා...!

    ReplyDelete
    Replies
    1. \\\\\\අර ජපන් කෙන්ජි උන්නැහේ බ්ලොග් එකක් ලියන්න පටන් ගන්න ඕන..////

      ඕව ඉතින් කියලා තේරුම් කොරන්න බැහැ නෙව...

      Delete
    2. සහතික ඇත්ත මාර මලේ කෙන්ජිත් ලියන්න ගත්තනං පංකාදුම තමයි.. එකම රස ගුලාවක් වෙයි

      Delete
    3. හැබෑම තමයි. කෙන්ජි ගේ අත්දැකීම් ගොන්න බ්ලොගකට එනවා නම් ඒක සුපිරිම බ්ලොගක් වෙයි.

      Delete
    4. @මාරයා/සහන්/නලින් මල්ලිලා;
      පොඩ්ඩක් කල් යයි.ලොකු මලය ගෙන් ඉගෙන ගන්න ගොඩක් තියෙනව.
      ඒ වගේද ඉදල හිටලා කොමන්ට් එකක් දැම්මම.
      සමහරු කියන්නෙ නයි කයිද රෝස්පාන් පොල් නැතිව කියල.

      Delete
    5. මෙන්න බොලේ චන්දන මලෙත් හොට දාල.

      Delete
    6. මමත් මේකට සපෝර්ට්. ඇත්තෙන්ම කෙන්ජි ඇයි බ්ලොග් එකක් නොලියන්නේ? අනිකා DDT. දාන කමෙන්ට් වලින්ම තේරෙනවා බ්ලොග් එකක් පටන් ගත්තොත් සෑහෙන දුර යන බව.

      Delete
    7. නොදැනුවත් කම මිස වෙන මොට හෙන්රි මලේ..

      Delete
    8. හපොයි.. මං පරක්කුයි අත උස්සන්න මේකට... විශේෂයෙන්ම මාරයියා කියලා තියෙන කතාවට....

      Delete
    9. යකුනේ පෝස්ට් එකට කොමෙන්ට් කරපියවු..මයේ කමෙන්ට් එකට නෙවෙයි... දැන් අර හැලප ලොක්කා මට කෙලිනවා කැන්ද කොලෙකින්...

      Delete
    10. කට ඇරපන් මාරය මල්ලියේ රටඉඳි ඇටයක් දාන්න

      Delete
    11. කවුද බං හැලපයට බය? හැලපිවත් බය නැතිකොට! හික්ස්!

      Delete
    12. මොකටද මයෙ කට,ඔය ඉන්නෙ ඩූඩා, පවුල තියා පවුලගෙ පරම්පරාවම ආවත් පොර බය නෑ

      Delete
  5. \\\\\\\.බ්ලොග්කරුවන් දිගටම ලියන්න ධෛර්යමත්වෙන්නෙ ඔවුන්ට ලැබෙන කමෙන්ට් වලින්...අපි ආත්ම තෘප්තිය උදෙසා ලිව්වත් තවත්කෙනෙක් ඒ ලිපි නොබලනව නම් කමෙන්ට් නොකරනව නම් ඒ බ්ලොග්කරු නිකම්ම උකටලී වෙනවා...ලියන්න හිතෙන්නෙ නෑ.//////

    ඇත්ත .හැලප බ්ලොග් එකට සහ මගේ එදිනෙදා ජීවිතයට එකම වයස .මමත් ඒ නමින් පටන් ගත්ත බ්ලොග් එක පටන් ගත්තේ නොවැම්බර් වගේ කාලේදී .ඒ වෙද්දී මම තනි උන ජීවිතෙක හිටියේ.මගේ යාළුවෙක් ඉන්නවා ඔහු තමයි මට කිව්වේ සහන් (සත්‍ය නම) ඔන් ලයින් එන්න . අඩුම තරමේ අලුත් බ්ලොග් එකක් හරි පටන් ගන්න කියලා . ඒ අනුව මමත් පසු ගිය නොවැම්බරයේ තමයි ආවේ වසර දෙකකට විතර පසු නැවත .

    *******************
    **********************
    *************************

    ( කමෙන්ටුවේ කරුණු නිර්ධය ලෙස කපා හැර ඇති බව සළකන්න .. මගේ 50 ට දෙයක් ඉතුරු කරගන්නත් එපැයි ලොකු අයියේ .)



    ඔහොම ඉද්දි හිරුලා , රෙහානි , රති , වගේ කීප දෙනෙක් මුලිම්ම ආව මාව හොයන් .( ඒ වෙද්දී මම කිසිම සින්ඩියකට එකතු වෙලා හිටියේ නැහැ ) එයාලත් ඉතින් නිකම් හිටියේ නැහැ .ඔහේ පෝස්ට් දෙකක් තිබ්බත් මට අත දුන්නා . දිගටම ආව මොනවා තිබ්බත් . පස්සේ පස්සේ ගොඩක් දෙනෙක් කිව්වා සින්ඩි වලට එහෙම දාල හැමෝටම එන්න පුළුවන් තැනක් කරන්න කියල . විශේෂයෙන් සිරා කොලුවා .


    ( මීට වඩා කියල බැහැ ..මම 50 දාන දාට කියන්නේ මොනවද මෙහෙම ගියොත් )



    \\\\\\ඊළඟට තවත් දෙන්නෙක් ඉන්නව ස්තූති කරන්න...මට ලියන්න පරිසරය හදල දීල නිදහස දෙන හැලපි හෙවත් මගේ බිරිඳ...ඇය තමයි මම අර කියපු පසුගාමිත්වයෙන් මාව උඩට ඇදගත්තු එක්කෙනෙක්...ඇය මා ධෛර්යමත් කරනව පමණක් නොවෙයි මම ලියනකොට තේ කෝප්පෙ පවා ළඟට ගෙනැත් දෙනවා...ලියන දේ මුලින්ම කියවල වාචික කමෙන්ටුවකුත් ලබාදෙනවා...ඇයටත් තාත්ත ලියන දේවල් අම්මට කියල කියවගන්න හැලපැට්ටා හෙවත් පුතාටත් මගේ හෘදයාංගම ස්තූතිය පිළිගන්වනවා.//////



    මට පෙනුණා මට පෙනුණා හැලප පවුලම ලොකු වින්දනයක් ලබන බව .කොහොම නමුත් ඔබේ බිරිඳට ගෞරව කරන්නම ඕනේ ඔබට මේ සා විශාල ගමනක් යන්න ශක්තිය සහයෝගය දෙන එක ගැන ..මම කිව්වේ බ්ලොග් විතරක්ම නෙවේ , මුළු ජීවිතය ගැනම .. පොඩි හැලපයටත් ස්තූතියි තාක්ෂණික සහයෝගය දැක්වීම ගැන ..


    \\\\\\එහෙම හිතන්න හේතුව කුඩාකාලෙ මගේ වැඩෙන ළපටි පෞරුෂත්වයට වැදුනු මරු පහරක්...මේ වයසට වෙලත් මම තවමත් පසුගාමීයි...//////


    මෙහෙම කිසිම විදිහකින් හිතන්න එපා ,ඔබ යෝධයෙක් වැනි අයෙක් . ඉහලම මට්ටමේ පිරිස් කළමනාකරණය කල හොඳ දක්ෂ පරිපාලකයෙක් . සැබෑ ජීවිතයේ හොඳ ගමනක් ආ මිනිසෙක් ... ලෝකය දැක ගත් , ගමේ සුවඳ අමතක නොවූ හිත හොඳ මිනිසාණෙනි ඔබට ජයෙන් ජය ...



    ReplyDelete
    Replies
    1. ඈ බොල සහන්... “ හිරුලා” ....???? කීදෙනක් ඉන්නවද මං ඇරෙන්න.. හි හි....

      Delete
    2. ස්තූතියි සහන්,ඔබේ වදන් මට ලොකු ධෛර්යයක්

      Delete
    3. මෙහෙමනේ හිරු ..හිරු කියන්නේ යෝධ පෞරුෂයකින්
      හෙබි බ්ලොග් කාරිණියක්නේ ..ඉතින් බහු වචනයෙන්
      භාවිතා කල යුතුයි ..ගෞරවය ගෞරවය ළමයෝ ගෞරවය..

      Delete
    4. හරියටම සහන් අර අහුබුදුවන් හොයන්න ගිය මිතුරාට අහුබුදුවන්ගෙ ගෙදර හිටපු කොල්ලා අහුබුදුවන් කෑම කන බව කීවාක් වගේ.

      Delete
  6. හැලපයියේ 50 වැනි පෝස්ටුවට උණුසුම් සුබ පැතුම්. ඒ වගේම සුබ නව වසරක් පවුලේ සැමටමත්.
    අරක හොදට කැරලි ගැහිච්ච කර්ලි එකක් වෙන්ටැ නේද. ගමයත් කොහොම කරුවලේ හොයාගන්නවද දන්නේ නැ

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි නලීන්.
      ගමය හිතේ හෝදිසියට හොයා ගන්නව ඇති මයෙ හිතේ

      Delete
  7. ඇලප ලොකු මල්ලි,අර ෂහන්/මාරයා මලයො කියන්නෙ අපි නකුටු චමින්දයො කියලද?එත ගොඩ නලිය කියල ඒක ඇට ගැනං වලලු.එතගොඩ මාතලන්/කතන්දර ල ඇත්තා ගණන් වල ඉපිදෙල අපි දෙන්න හතලිෂ් ගණන් වලද මචෝ?
    ඔන්න බලපන් දන්න කියන දෙයක් ඒ ලෙෂට කිව්වම තියෙන කරුමෙ.
    අර හිරූ ල/නදී ල/පොඩී ල ඇතුළු කෙල්ලො ෂෙට් එක කටපුරා අයිය කියල කතා කරපු අබිලට @#!$ අවුරුද්දෙන් පෂ්ෂෙ එව්වො ෂියා කියයිද බොලේ.

    ReplyDelete
    Replies
    1. එක පාරට කෙල්ලෝ ටික ළඟ නමන එකක් නැහැ කෙන්ජි අයියේ .
      ටික ටික අන්කල් කෑල්ල දායි ..ඔයා දැනගන්න ඕනේ දිගටම
      " අයියා " කියන status එක තියාගන්න ..ගෑනු ජාතිය විස්වාස
      කරන්න බැහැ නෙව ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අපි ඇට ගණන්වල වුණත් තාම 20වැනි ශතවර්ශයේ උන් එක්ක ඉන්න එකත් ලොකු දෙයක් නොවෙද කෙන්ජි.

      Delete
    4. @සහන් මල්ලි;
      status කතාවට මම 100% එකගයි.
      ගැහැණිය ගැන එහෙම කියන එක ගැන එක හෙලාම විරුද්දත්වය ප්‍රකාශ කරමි.ඔබ ඔය කියන ලෙසට මමත් සිතුවානම් මට අද මගේ ආදර බිරිද අහිමි වන්න තිබුන.අද මම මගේ බිරිදට/දුවට දක්වන ආදරය ලෝකවාසී සියලු "හොද"කාන්තාවන්ට දක්වමි.
      අතරින් පතර ඔය නොසන්ඩාල/අසමජ්ජාති තව තව මේවගේ හොද වචන වලින් හදුන්වන කෑල්ලක් දෙකක් නිසා ස්ත්‍රී පරපුරටම අපහස වෙන විදියටම කතා කීම හොද නැතය කියලයි මම හිතන්නෙ මල්ලියො.[මෙය මයෙ මතය.හරිය.]

      Delete
    5. @නලින්;
      නැතිව,නැතිව.

      Delete
    6. මොකටද මයෙ කට කෙන්ජියො,දැන් අපි දෙන්න තමයි මෙතන මැන්ටල් වෙලා තියෙන්නෙ.

      Delete
    7. @ කෙන්ජි අයියේ ..

      \\ගැහැණිය ගැන එහෙම කියන එ......
      .... .. ///



      ඔබේ උත්සාහය ඉතා අගය කරමි ..:P

      Delete
    8. තාම වෙලා නැහැනෙ.කොහොමත් අපි මැන්ටල් ලා වුන දවසට වෙන්නෙ ඇලඩින් මැන්ටල් ලා.එතකොට ගෙදර ඉන්න එව්වො ගෙදර චිමිනිය නැති ඇලඩින් ලාම්පුවට අපිව දාල හරි ගෙදර ට එලිය ගනියිනෙ.අවුරුදු තෑග්ගට ලයිට් බිලත් වැඩි උන නිසා.

      Delete
    9. @සහන් මලය;
      නුඹ නාඩන් මලේ මම කිව්වෙ ඇත්ත දේ . :).

      Delete
    10. මට මේ තේරුම් ගන්න බැරිව හිටියේ ඇට ගණන් වල කතාව. තේරුණේ දැන් තමයි. අපිත් ඉති ඇට ගණන් වල අන්තිම නෙව.

      Delete
  8. හැලප අයියා.. පනහට සුබ පැතුම්..! රසවත් ලිපි තව තවත් ලියන්නට හැකි වෙන්න ඕන.

    උළුදු වඩේ නම් නියමයි. අපේ ගෙවල් වල හදන්නේ නෑනේ. මේ දවස් වල පැණිරස කෑම කාල ඇති වෙලා ඉන්නේ දැන්. ගම මහගේ ගේ උපාය හරි ගිය එහෙනම්. :D

    සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. ආ කොහෙද හැලපයියේ අර බිත්තර තම්බන හැටි තිබුනේ ? මං කියෙව්වේ නෑනේ ඒක. ගුගල් වලින් හොයල බලද්දී නම් එහෙම එකක් හම්බ වුනා. ඒක හුඟක් පරණ පෝස්ට් එකක්.

      Delete
    2. ස්තූතියි චන්දන මල්ලි,වඩේ හැදිල්ල මට ඉන්දියාවෙන් ලැබුණු දෑවැද්දක්.
      අර බිත්තර පෝස්ටුව කොහෙ තිබ්බද කියල මට හරියටම මතකක් නෑ මල්ලි,හැබැයි තවම සතියකට එකහමාරකට වැඩිය පරණ නෑ.
      දැක්ක කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් අපිට කියනවද තරහ නැතුව.

      Delete
    3. http://bitternight.blogspot.com/2013/04/blog-post_11.html

      Delete
  9. ඉස්සෙල්ලම මචං 50ට සුබ පැතුම්. මම ඉස්සෙල්ලම මෙහෙ එන්න ගත්තේ අටමා දීපු පබ්ලිසිටිය හරහා.

    අඩේ උඹලට නිවාඩුත් දුන්නද? ඒ කොයි රටේද බං කිව්වට උඹ කියන්නේ නැති නිසා මම අහන්නේ නෑ. අනේ අපි නම් ඕං අද වැඩට ගිහින් ආවා. මෙහෙ එහෙම අනිත් උන්ගෙ ආගම සංස්කෘති වලට සලකන ක්‍රමයක් නෑනේ.

    එහෙනම් උඹලා ඔක්කොටම සාමය සතුට පිරි නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. අටමා කෝ මචං,ළඟදි දැක්කෙ නෑනෙ ඌව.
      මචං උඹ හීනියට අහන ප්‍රශ්න වලට උත්තර දුන්නොත් වෙන්නෙ මාව හෙළිදරව් වෙන එකයි.
      මෙහෙත් අනුන්ගෙ ආගමකට සංස්කෘතියකට ගරුකරන උන් නං නෑ,ඒත් අපට තියෙන්නෙ වෙනම නිවාඩු ක්‍රමයක් නිසා ඒ විදියට නිවාඩු ලැබුණා.මේ පැහැදිලි කිරීම දැනට ඇතිවෙයි,කොහොමත් මා ගැන උඹ පස්සෙ දැනගන්නවනෙ මට හැමදාමත් වැහිල ඉන්න බැරි නිසා.
      සුබ පැතුමට ස්තූතියි ඔබ දෙපලට හා දරුවන්ට වාසනාවන්ත නව වසරක් වේවා.

      Delete
  10. ඉක්මණින් 100 බැට් කිරීමට හැකිවේවා :D

    ReplyDelete
  11. දිගු ගමනකට ආසිරි !

    ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි සෑමො

      Delete
  12. හාෆ් සෙන්චරියට සුබ පැතුම් සමග හැලප පවුලට සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි,සුමිත්ටත් එසේම වේවා.

      Delete
  13. 50ට සුභ පැතුම්!

    හැලපේ, දැං, දැං හන්දියෙ කඩේ ආප්ප බාන්නැහෙ පෝස්ට් දැම්මත් ගුණාත්මක බෙව අඩුවී නැත. එය එලෙසම පවත්තා ගන්න, රයිටර් බ්ලොක් ආවොත් තාවකාලිකව නොලියා ඉන්න.

    අර කුඩා කාලෙ මරුපහර ගැන මගේ සත පහ:
    කණගා‍ටුයි කියන්න, ඊට වඩා පහරවල් එයි. මේකෙ ඉන්නෙ ඒතරම් සත්ගුණවත් කස්ටිය. කමෙන්ට්වල යටිපෙල කියවා, සතා මොකාද කියා දැණගන්න. ඒත් වෙනසක් නොපෙන්නා ඔබේ සුපුරුදු සංයමයෙන්ම පිළිතුරු දෙන්න. ඔබේ ලිවීමේ හැකියාව අගය කල යුතුයි. අවශ්‍ය වෙලාවට අපේ උදව් ඔබෙට ලැබේවි.
    ජය!

    ReplyDelete
    Replies
    1. උපදෙස් ගැන ගොඩාක් ස්තූතියි ඇනෝ,දිගටම මෙවැනි කමෙන්ට් බලාපොරොත්තු වෙමි.
      ඔබටත් ජයවේවා.

      Delete
  14. 50ට සුබ පැතුම් ! හැලප පවුලටම සුබ නව වසරක් !
    ඕනි එකක් සත දහයයි කියලා ලියලා දාන්ඩ අයියෙ..ඔය මෝරපු අත්දැකීම්වලින් ලියන කොයි දේත් රහයි...
    අර උළුඳු වඩ වල හිල හැදුවෙ කොහොමද අයියෙ ??? :-D

    ReplyDelete
    Replies
    1. මාත් මේ අහන්ටයි හැදුවේ. හැලපි ඇඟිල්ලක් තියාගෙන ඉන්නකොට මෙයා මොකක් හරි බටේකින් රවුමක් වක් කරනවා ඇති. :D:D

      Delete
    2. ඔන්න දැන් ඉතිං කියා දීපල්ලකෝ හිල හදන හැටිත්.... අනේ කාලේ වනේ වාසේ කිව්වලු..

      Delete
    3. @වෙනී,පොඩ්ඩි
      ඔබ දෙදෙනාගෙ කමෙන්ට් උදේ පාන්දර මාව ගොඩාක් ප්‍රබෝධමත් කලා.අපි දෙන්නා ඇතිවෙන්න හිනාවුනා.
      මම කොහොමද හිල හදන හැටි විස්තර කරන්නෙ,පින්තූර දාන්නද නැත්නං ලංකාවට ආපුවාම ඇවිත් හදල දෙන්නද,එතකොට පොඩ්ඩිට කොහොමද උගන්වන්නෙ.

      Delete
    4. මාපැටගිල්ලෙන් තද වෙන්න ඔබල රත් වෙන බොර තෙලට දැම්මම ගානට හිල පේන්න රන්වන් පාටට තෙල උඩ පාවෙනව.තද කිරිල්ලෙ රගේ අනුව තමයි හිල ලොකු පොඩි වෙන්නෙ.
      අප්පට කිරි කජු කිව්වලු....මුල ලියන්න ඕන එක ලියවිල නැහැ නොවැ...???
      මෙන්න මේක මුලට දාගන්න සාදාගත් ගණකම උළුදු මිශ්‍රනය කුඩා බෝල සාදා අගල් 1/2ක පමණ ට පැතලි කර අතට අරන් ....[ඉහත දක්වපු ආකාරයට]කර රස විදින්න.

      Delete
    5. අනේද කියන්නෙ නලීන්,දැන් ඉතින් හිල් හදපල්ලකො,ඒක නෙවෙයි නලින් මම උළුඳු වඩේ හදපු හැම සැරේකම කවුරු හරි ඔය ප්‍රශ්නෙ අහනවනෙ.මේ සැරේ තමයි ප්‍රථම වතාවට ප්‍රශ්නය බ්ලොග් අවකාශයෙන් මතුවුණේ.

      Delete
    6. කෙන්ජි හැබැයි කඩේ තියෙන උළුඳු පිටි ගන්න එපා,ඒව හරි තදයි.
      උළුඳු ඇට අරං අඹරගන්න.

      Delete
    7. හැලප මම කවදත් තදට ආස උනාට කඩේ ඒවා අරහං.ඒ උනාට ඇට රෑට පෙගෙන්න දාල උදේට අඹරල ගන්න එක තමයි කරන්නෙ.

      Delete
    8. ඔය හිල විතරක් ගන්න නැද්ද මචංලා සුපර් මාකට්වල? හාඩ්වෙයාවල නම් ඇති. :-O

      Delete
    9. හිල් ගන්න පුළුවන් කඩ තියෙනව.ඒවා විසේකාර කොල්ලන්ට සහ බැදලත් කොටු පනින "බල්ලන්ට"තමයි තියෙන්නෙ.
      ඇඩ්රස් ඕනම නම් දෙන්න පුළුවන්.
      නමුත් එහෙ ගිහිල්ල ගෙදර එද්දී ඇඩ්රස් නැතිවෙයිද මන්ද?????

      Delete
  15. හැලප පවුලට පනහට උණුසුම් සුබ පැතුම්!!!

    හැලපේ ලීවට තේ හදන්නේ හැලපිනේ. හැලප පැටියාත් හොඳ ලමයෙක් වගේ කරදර නොකර ඉන්නවනේ. ඉතින් ඔක්කොටම සුබ පැතුවා.:)

    අලුත් අවුරුද්දට ඉස්සල්ලාම ගෑනුන්ගේ මොලේ ගැන කියලා ලිපියක් දැම්මටත් ස්තූතියි. මටත් හිතෙන්නේ අත්දැකීම් වැඩි අය ලියනකොට ඒවා රසවත් වැඩී කියලා. හැලපේ ලියන කතා හරිම විනෝදයි. මම නම් රස ඒවට කැමති කෙනෙක්.

    අර බිත්තර තම්බපු හැටි තිබුනේ කොහෙද? මම දැක්කේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩියෙ,ඔබ මගේ කතා රස විඳින තරමටම මම ඔබේ කමෙන්ටුත් රස විඳිනවා.
      අර බිත්තර තම්බපු තැන අපට ඉක්මනින්ම දැනගන්න ලැබේවි.

      Delete
    2. come and see
      http://bitternight.blogspot.com/2013/04/blog-post_11.html

      Delete
  16. අර කලින් ඇනෝ කෙනෙක් කියලා තියෙනවා වගේ හැලපයියා මේ විදියට දිගටම ලියාගෙන යනකොට ඔය දුක විකුණන කතා එහෙම අහන්න ලැබෙයි තමයි.. ඒවා ගනං ගන්න එපා...

    සුභ අලුත් අවුරද්දක් වේවා කට්ටියටම......!

    ReplyDelete
    Replies
    1. හිරූ,මුල පටන්ම ඔබ මගේ බ්ලොගයට නොවරදවා පැමිණි කෙනෙක්.ඔබේ වදන්වලටත් ගොඩාක් ස්තූතියි.
      ඔබ දෙපොලටත් නව වසර ජයම වේවා...තුන්වැන්නෙකුත් ලඟදීම පවුලට එකතු වේවා.

      Delete
  17. බොහොම ආසාවෙන් කියවන බ්ලොග් එකක්. ඔබ සහ පවුලේ සැමට සුභ නවවසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ,ඔබටත් එසේම වේවා.

      Delete
  18. කෝ මේ කෑම මේසෙ හැලප...??
    50ට සුබපැතුම්....තවත් චිරත් කාලයක් ලියන්න ලැබේවා.......

    ReplyDelete
    Replies
    1. කිව්වහම මොකද මනෝජ් මමත් පුතාත් ආසම කෑම තමයි පදමට පැණිරස තියෙන හැලප.
      ඒත් ඉතින් මෙහෙ කැන්ද කොළ හොයාගන්න නෑනෙ,ඒ නිසා හැලප මිස් උනා.

      Delete
  19. අපිත් ඉන්නෙ ඔය බෝට්‍ටුවෙම තමයි.. කොහොම උනත් සිරිත් විරිත් රකිනවා. පුලුවන් විදිහට මොනවා හරි හදලා වෙලාවට.. එතකොට තමයි දෙමපියන් එක්ක හිටි ඒ කාලෙ මතක් වෙලා දුක හිතෙන්නේ.. අපේ දරුවන්ට ඒ සතුට දෙන්න අපිට බැහැනෙ.. පණහට සුබ පැතුම්.සීය ඉක්මනට ලියන්න හැකියව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ඒකම තමා සරත් මටත් තියෙන දුක,අපි පොඩි කාලෙ ලබපු අලුත් අවුරුදු අත්දැකීම් දරුවන්ට දෙන්න බැරි එක.
      සුබ පැතුමට ස්තූතියි,ඔබටත් දරු පවුලටත් සුබම සුබ නව වසරක් වේවා.

      Delete
  20. යකා තවම මවිල් ගහ දිගාරිනව මැරුනෙ නැත්නම්.

    ReplyDelete
  21. සුභ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. එසේම වේවා,ආදරයෙන් පිළිගන්නවා ගයනිව මගේ බ්ලොගයට

      Delete
  22. ඉස්සෙලාම සමාව ඉල්ලනවා මෙතනට එන්න මෙතරම් පමා වීම ගැන. මගේ පොස්ට් එකක් තියෙනවා ඔබේ බ්ලොග් එකට නම හැදුන හැටි. අන්න ඒකට කමෙන්ට් එකක් දැම්මොත් නරකද ? හැලප කියලා ඔබ ඔබවම පහලට දා ගත්තා නෙවෙයි නේද? කුඩා කාලේ පසුගාමීත්වය අමතක කරන්න. මෙතනට හැලපෙලා වගේ දහයක් හිටියත් මදි. කෙන්ජි ලියනවා නම් කෙතරම් හොඳද?

    පනස් වෙනි පොස්ට් එකට උණුසුම් සුබ පැතුම් !!! තව පනහක් අඩුම දින ගණනකදී ලියන්න ලැබේවා කියල පතනවා.

    මේ අවුරුද්දේදී ඉන්න තැනින් පියවරක් හරි ඉදිරියට යන්න ලැබේවා කියන එක තමයි මගේ අවුරුදු පැතුම.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන්,ඔබවත් ආදරයෙන් පිළිගන්නවා මගේ දුප්පත් බ්ලොගයට.
      අර ඔබ කියූ පෝස්ට් එකේ නම මට කියනවද ගිහින් බලන්න.
      සුබ පැතුමට ස්තූතියි.

      Delete
    2. http://awidda-paya.blogspot.com/2013/01/blog-post_3.html

      Delete
  23. පනහ ගහපු හලපයියට අත්පුඩි ගහලා
    චියර් එකක් දෙනවා මම කෑ ගහලා
    තව තව ලියමු අපි දැන් පිට පොට ගහලා
    දෙන්නම් එකතු වී සමරමු සියයක් ගහලා

    50 වැනි පොස්ටුවට මගෙන් උණුසුම් සුබ පැතුම් !!!

    අප්පට සිරි, මමත් පටන්ගත්තේ දෙසැම්බර් වල. මම නම් දැන් 64 යන්නේ, 100 ගහන්න පුළුවන් වෙයිද, ඊට කලින් අවුට් වෙයිද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අයිලාස් සිරා කවියෙක් වෙලා අප්පා,මට බෑනෙ තාම පද හතරක් ගලපගන්න.
      බැලුවහම ඔබ මටත් වඩා වේගෙන් ලියනව වගේ.

      Delete
  24. සිරි සුභ නව ව්සරක් වේවා...!

    වෙල් ප්ලේඩ්.... සෙන්චරියත් ඉකමනටම ගහමු හැලපේ...

    කොන්ඩේ මයිල් කෙලින් උන්ගේ හිටන් ඒ මයිල් බොකුටු වෙන්නේ ඇයි අයියේ.. යකාගෙන් හරි අහලා පොඩ්ඩක් කියනවයි.

    ReplyDelete
    Replies
    1. කොහෙද ලොක්ක අතුරුදහන් වෙලා හිටියෙ.මේකෙ අකුරු කොටන හැමෝම පුළුවන් විදියට අකුරු කෙටුව.
      හැලප ඔය මයිල් කතා ගැන නොදන්න තොත්ත බබෙක් අහන්නෙ බලාගෙන.

      Delete
    2. සෙන්චරියටත් ට්‍රයි කරමු මාතලන්,අරක මම යකාගෙන් ඇහුවනේ,මයිල් කියනකොටම මූ දුවන්න ගත්ත දිවිල්ලක් ආයෙ ඇහැටවත් දැක්කෙ නෑ.

      Delete
    3. ඔව් ඔව් අනේ අපරාදෙ කියන්න බෑ කෙන්ජිය තමයි මාව බලාගන්නෙ නරක්වෙන්න නොදී.

      Delete
    4. පොඩ්ඩක් බිසි කෙන්ජියෝ.. තියෙන උණටමයි කොමෙන්ට් එකක් හරි දාන්නේ..

      Delete
  25. හැලප පනහට සුබ පැතුම්. තව වැඩි වැඩියෙන් හැලප සැදීමේ හැකියාව ලැබේවා.

    ඔන්න ඔහේ උළුඳු වඩේ හදන හැටිත් දාමු අයියෙ.

    හැලප පවුලේ සියලු දෙනාට සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න,අර වඩේ හදන හැටි දවසක දමන්නම්

      Delete
  26. සතියක් දෙකක් සයිබරයෙන් එළියට විසිවෙලා හිටියේ. පරක්කු වෙලා වුනත් හැලපෙටත් පවුලේ සියළු දෙනාටත් සතුට සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ගමමහගේ හොටු කට් දන්නැති නිසා හොදට ගියා. අද කාලේ වුනානම් ගමයට සොරි තමා.

    50ට උණුසුම් සුභ පැතුම්! ඔබ නොදැනුනාට පීඩනයෙන් ඉන්න අපේ සිත සැහැල්ලු කරල ඔබ කරගන්නේ ලොකු පිනක්...

    ReplyDelete
    Replies
    1. පහුගිය ටිකේ ඔබ හිටියේ නෑ තමා,ඔබේ වචනත් හිතට සතුටක්

      Delete
  27. හැලපයියා සහ පවුලට සුභ අලුත් අවුරුද්දක් වේවා...!
    50 ට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි එදිරි.
      ඔබටත් සුබ නව වසරක් වේවා

      Delete
  28. පමාවට සමාව දෙන්න . සුබ අලුත් අවුරුද්දක් වේවා .

    පනහටත් සුබ පැතුම් .

    තවත් රස කතා ගොඩාක් ලියවේවා

    ReplyDelete
    Replies
    1. බින්දි කාලෙකින්,පැමිණීමගැන සතුටුයි.
      සුබ පැතුමට ගොඩක් ස්තූතියි

      Delete
  29. ඔක්කොටම වැඩිය මන් පරක්කුයි වගේ .... කොහොම උනත් තාම නිකම් අවුරුදු අවුරුදු වගේනේ ;) සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!! ඒ වගේම 50 ට සුබ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. අයුබෝවන්,ඔබවත් ආදරයෙන් පිළිගන්නවා.
      ස්තූතියි,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  30. jaya wewa halapee

    ReplyDelete

ඔබේ අදහස්