Friday, July 1, 2016

මම අලුතින් බ්ලොගයක් ආරම්භ කරමි



අද මම අලුතින් බ්ලොගයක් ආරම්භ කරමි.   එය නම්කර ඇත්තේ  ‘‘සිත්ගත් සාහිත්‍ය කලාකෘති‘‘  යනුවෙනි.  මගේ සුපුරුදු බ්ලොගයට අවුරුදු හතරක් සපිරෙන්නට තව මාස කීපයක් තියෙද්දී මෙවැනි අලුත් බ්ලොගයක් ආරම්භ කරන්නට සිත් වුන හේතුවක් ඇත.   බ්ලොග් ලිවීම මගේ විනෝදාංශයකි ඒ පමණටම මා ලොල් කරන තවත් විනෝදාංශයක් නම් පොත් පත් කියවීමයි.   මේ දෙකම  සමබරව පවත්වාගෙන යමි.   නමුත් බොහෝවිට මා සිත්ගත් පොතක් හෝ වෙන කලාකෘතියක් ගැන පාඨකයන්ට කියන්නට තැනක් නැත.  මන්ද යත් බොහෝ පාඨකයන් මගේ බ්ලොගයේ මා සුපුරුදු ලිවිසැරියෙන් බැහැරව ලියනවාට සිය අප්‍රසාදය ප්‍රකාශ කරන බැවිනි.   බ්ලොගය මගේ නිසා මා කැමති දෙයක් ලියමි යි කියා කියන්නට බැරි බ්ලොගයකට පාඨකයන් එතරම්ම වැදගත් නිසාය.   කොපමණ හොඳ බ්ලොගයක් ලිව්වත් එයට පාඨකයන් නොපැමිණේ නම් කමෙන්ට් නොකරයි නම් එයින් පලක් නැති බව මගේ විශ්වාසයයි.

 මගේ සිත්ගත් පොත්පත් චිත්‍රපට සහ වෙනත් කලාකෘති ගැන මේ බ්ලොගයේ ලියමි.   රස විඳින්නට ඔබටද ආරාධනා කරමි.  මගේ අනෙක් බ්ලොගයද සුපුරුදු පරිදි යාවත්කාලීන වනු ඇත.   වෙනම බ්ලොගයක් ආරම්භ කිරීමේ අදහස සිතට දැම්මේ හිතවත් ප්‍රාජේය.  ඉක්මනටම අරඹන්නට කිවේ හිතවත් මනෝජ්ය.  මට ඇත්තේ අත දිග හැර ලියන්නට පමණකි.   ඔබ දෙදෙනාටම මගේ ස්තුතිය පිරිනැමේ෴

39 comments:

  1. හොඳා හොඳා
    අපිනං එන්නෑ කොමෙන්ට් කොරන්න ඕං.

    ReplyDelete
  2. ඔය වැඩේ මාත් කලා. ලැබුනේ කලකිරීමක් ඉතරයි... ඒත් ඉතින් ඔහේ කරන්න ඕන ඔහේට කැමති දේ මිසක්කා. වෙන කවුරුත් කැමති දේ නෙමෙයි.

    ReplyDelete
  3. නියමයි හැලපයියා.
    ඔන්න අපි නම් එනවා....:)

    ReplyDelete
  4. හොඳ වැඩක්, සියල්ල සාර්ථක වේවා, වැඩි වැඩියෙන් පාඨකයන් පැමිණේවා කියල සුභ පතනවා. හැබැයි පාඨකයො වැඩියෙන්ම ආස කුණු රසට. ඒක නිස බොග නැගලා යන්න නම්, ගයිඩ් පුඟුලා වගේ කුණුකථා රස වෑහෙන්න ලියන්න ඕනෙ. තව ඔය බාගෙට හෙළුවැල්ලෙන් ඉන්න කෙලි පොඩ්ඩන්ගෙ ෆොටෝ ටිකකුත් දැම්ම නම්, ආයෙ ජාති. මේක මගේ අදහසක් පමණයි.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ උඹ දෙන පබ්ලිසිට්යට .. ඇමරිකාවේ ඉඳගෙන මාතලන් ගැන වද වෙනවට.. මගේ එකේ ඇනෝ දාන්න ඕන නෑ.. ඇනෝ දාපු නිසයි කොමෙන්ට් එක කැපුවේ.. කොන්දක් තියෙනවා නම් උඹේ නමින්ම දාපන්. උඹත් පොරක් වෙයි.. ප්‍රොෆයිල් එකෙන්ම දාපන්.. අක්ශාංෂ දේශංෂ එක්ක කියන්නම්. උඹ ඉන්න තැන ඕන නම්. සමහර පුඟුලොන්ට අල්ල ගන්න බැරි උනාට.. ඕවා මට නතින්ග් මචෝ...

      Delete
    2. ඔහේද එතකොට ගයිඩ් පුඟුලා ? අනුන්ගෙ තොප්පිත් දා ගන්නවනම් කමක් නෑ. අර ගමයා කියන වැඩ බැරි ටාසන්ගෙ ලණු කාලා, ඇනෝල අල්ලන්නයි, ප්‍රෝෆයිල් අල්ලන්නයි කිය කිය වටේ යනවා. එක වෙලාවක රුවන් ඇනෝ දැම්ම කියලා ඇර ගත්තා, ඊට පස්සෙ රසික හැදුව ෆේක් ප්‍රෝෆයිල් එකක්ලු රොබට් කියන්නෙ කියල ඇර ගත්ත. ඊට පස්සෙ රෝයල් එකේ OB එකේ රොබට් කියල කෙනෙක් හොයනවා. අනේ මන්ද ඔහේගෙ මේ නා ගැනිල්ල අපි වගේ පාඨකයන්ට විනෝද සමය වගේ. දැන් කීප දෙනෙක් ඔහේව බයිට් එකට අරන්, ඔහේ තාම වටේ යනවා. ඔය සුද්දන්ගෙන් ගාන කපනව වගේ ලේසි දෙයක් නෙවෙයි ඇනෝ ඇල්ලිල්ලයි, profile trace කිරිල්ලයි. ඕක තනිකරම IT project එකක්, software engineersලා කීප දෙනෙක් කළ යුතු. ඔහේ වගේ පුඟුලෙක් ගැජමැටික් ටිකක් බාගෙන ඒක කරන්න පුළුවන්නම්, ඔය ගයිඩ් වැඩේ අත් ඇරලා හොඳ ජොබකට සෙට් වෙන්න පුළුවන් ලක්ෂ ගානක පඩියකට.

      Delete
    3. ඒ ඉතින් තමුසෙ දන්න තරම තමයි. සඳහන් කල සියල්ල ගැනම.

      Delete
    4. රැකියා කීපයක් කරපු මට මේක තමයි කරපු හොඳම රැකියාව. එකක් ස්වාධීනත්වය. අනෙක ඉතිහාසය ගැන මගේ තියෙන ආසාව. අනෙක ඩොක්ටර් රේට් තියෙන උන් පවා කරන රැකියාවක්. ලක්ෂ ගනන් නෙමෙයි කෝටී ගනන් හොයන රස්සාවක්.

      තමුසේ ඇමරිකාවේ ලෝවා පෑත්තේ කවුන්සිල් බ්ල්ෆ් වල සුද්දන්ගේ කක්කුස්සි හේදුවට මම නම් ඒවා පහත් කරලා කතා කරන්නේ නෑ.. ඒකත් එක රැකියාවක් විතරයි.. ඒත් අනුන්ගේ ගූ ගොඩවල් හොයන්නේ, තමන්ට ළොකු අඩු පාඩු කම් තියෙන උන් කියන එක නම් මේකෙන් නැවතත් ඔප්පු වෙනවා...

      Delete
    5. හා හා හා... ඔහේගෙ location trace කිරිල්ලනම් මාරයි. මම ඇමරිකාවෙ ඉන්නව කිව්වම මටත් ආසයි. හැබැයි තාමත් ඇමරිකාව පැත්තෙ හැබැහින් යන්න බැරි වුණා. ඔහේල වගේ පුඟුලො ඇමරිකාවෙ ගියොත් කරන්න පුළුවන් රස්සාවල් තමයි ඔය කියල තියෙන්නෙ. අපි skill එකක් තියෙන මිනිස්සු, ඒ නිසා පිටරට ගිහින් ඔව්වා කරන්න ඕනෙ නෑ. අපේ ඉස්කෝලෙ පාසැල් ගීයෙ තියෙන්නෙ "උගනිව් නැත පිටවෙනු " කියලනෙ. ඒ නිසා අපි පිටවෙන්නෙ නැතුව ඉගෙන ගත්තා. ඔහේ ඒ දෙකම කළේ නැති නිසා දැන් ගයිඩ් වැඩක් කරගෙන ඉන්නවා. කෝටි ගනන් හොයනවා නම් හොඳයි, හැබැයි සුද්දො ගසා කන්නෙ නැතුව. මොකද අසාධාරණෙන් සල්ලි හොයනකොට පල දෙන්නෙ නෑ.

      Delete
    6. රුවන් ඇනෝ කියා හෝ රසික ඇනෝ කියා හෝ මම මා තලන්ට කියා නොමැත. රුවන් හා රසික යන දෙදෙනාම ම සලකන්නේ මිතුරන් වශයෙනි. මාතලන් ද මිතුරෙකි. මට වැඩ බැරිද නැත්ද ගැන කීමට ඔබ කරදර නොවන්න. මා දැනට කර ඇති වැඩ ප්‍රමාණය දන්නෝ දනිති. ප්‍රසිද්ධියට වැඩ කිරීමේ පුරුද්දක් මට නැත.

      Delete
    7. ඔහේ තමයි ඇනෝල අල්ලන්න කියල, ගැජමැටික් ටිකක් දීල මාතලන් පුඟුලව වටේ යවල කියල කට්ටිය කියන්නෙ. එහෙම කළේ නැත්නම් ප්‍රශ්නයක් නෑ.

      Delete
    8. මාතලන්ගේ බ්ලොගයේ මගේ බිරිඳට හා දරුවන්ට එල්ල කල දරුණු කොමෙන්ටුවකින් (මට එසේ කලාට ප්‍රශ්නයක් නැත) මාස තුනක හතරක දීර්ඝ කාලයක් පුර ඇනෝනිමස් කොමෙන්ට් කරුවන් සමග උවමනාවෙන් පැටලී මතලන්ගේ කොපියුටරයේ සොෆ්ට්වෙයාර් දමා කල බව සත්‍යයකි . එය ඔබ දැන ගැනීමෙන්ම මාතලන් කතා කරන යහළුවන් අතරේම පිහියෙන් අනින උන්ද සිටින බවට මා මාතලන් ට කියා ඇති දේ සත්‍ය බව ඔහුටම වැටහෙනු ඇත. මට ඇනෝ පහර එල්ල කළ කිහිප දෙනා ගැන මම දන්නෙමි. මම කිය කියා වැඩ කරන කෙනෙකු නොවන බැවින් ඔහේ මට මොනවා කිව්වත් කමක් නැත. අනික දන්නේ නැති නිසා අහන්නේ. ඉයෝවා කවුන්ටි එකේ කවුන්සිල් බ්ලෆ් තියෙන්නේ. සවුත් කැරොලිනා වල 190 ස්ට්‍රීට් එක තියෙන්නේ. සෑහෙන්න ඈත වගේ හිතුනට කාර් එකේ මිනිත්තු 22යි යන්නේ. මාරයි නේ මචෝ. අර චටකුවා කියන්නේ නේටිව් ඇමෙරිකන් ඉන්න හරියක්ද?

      Delete
    9. බ්ලොග් ලියන උන්ගෙ නායකයා මමයි කියලා හිතාන ඉන්න මාතලන් කියන්නෙ තඩි පොන්නයෙක්..මූ රෝයල් ගියාට ඒ දවස් වල රෝයල් කොල්ලො වැඩිපුර කරලා තියෙන්නෙ මූට කටට දෙන එක. සුුදුමැලි පාන්ඩු මූන දැක්කම මූ පොන්නයා කියලා ඕනෙ කෙනෙක්ට පේනවා...මාතලන්ගෙ ළමයි අල්ලපු ගෙදර එකාගෙ කියලයි මූව හොදට දන්න උන් කියන්නෙ.


      පොන්නයෙක්ට සෙට් වෙන්නෙ තවත් පොන්නයෙක්නෙ. සුද්දිට දැනෙන්න ඇරගන්න බැරි අජිත් කියන ලොල්ලා දැන් බ්ලොග් සම්මාන දෙනවා මෙලෝ රහක් නැති කෙල්ලන්ට. මුගෙ යටි අරමුණ උන්ට සම්මාන දීලා උන් එක්ක බුදියගන්න එක. කාටවත්ම කියන්න එපා නංගි අපි රූම් යමු කියලා මූ පොඩි කෑලි ටෝක් කරනවා කියලං ආරංචියි. මට සෙට් වෙනවා නම් මේ පොන්නයො දෙන්නටම මැරිලා වැටෙන්න එක පාරයි දෙන්නෙ. පොන්අන අජිතා දැන් මාතලන් එක්ක මාරු ගහන්නත් පටන් අරගෙනලු

      Delete
  5. මම දන්නේ නෑ, ටික දවසක ඉඳලා මමත් හිත හිතා ඉන්නේ අලුත් බ්ලොග් එකක් පටන් ගන්න. දැන් 400 ආසන්න ප්‍රමාණයක් ලිපි ලියලා තියෙනවා. මම මුලින් හිතුවේ 500ක් ලියලා ඇවිද්ද පය ...... නවත්වනවා කියලා. දැන් හිතෙනවා 400න් නවත්වන්න.

    ReplyDelete
    Replies
    1. නවත්තලා අලුත් එකක් පටන් ගනින්.. උඹ උඹව හඳුන ගත්තේ නෑ.. ආටිවිෂල් වෙන්න නරකයි බං.. ඔරිජිනල් වරෙන්.. මොකෝ උබ ජීවිතේ ජයගත්ත එකෙන් නේ....

      Delete
    2. සුදීක මට හැමදාමත් තියන ප්‍රශ්නේ ඔයාගේ සයිට් එක සමග තව සයිට් කීපයක් ටැබ් කීපයකින් ඕපන් කලොත් ඔයාගේ සයිට් එක එන්නේ නැති වීම. ඔයාගේ සයිට් එක වෙලාවකට ලෝඩ් වෙන්නෙම නැතුව යනවා.

      Delete
    3. සුදීක අයියගෙ සයිට් එකේ එල්ලලා තියෙන වැඩ කෑලි වැඩියි...ඒකයි ලෝඩ් වෙන්න පරක්කු වෙන්නෙ. ඔය ගැටලුව ස්පීඩ් අඩු කනෙක්ෂන් එකකින් ලොග් වෙන ඕනෙ කෙනෙකුට එනවා.

      Delete
  6. සුභ පැතුම් හැලපේ. උඹ ලියන පොත මම කියවා තිබේනම් සහ මම ප්‍රියකරන එකක් වේනම් පමණක් කමෙන්ට් කරන්න අදහස් කරනවා. නැතිනම් ඒක නූපන් දරුවන්ට කේන්දර හදනවා වගේ වෙන්න පුලුවන්

    ReplyDelete
  7. මේ කෙටි සටහන ලිව්වේ හැලපේ ම ද?

    මට නම් විශ්වාස කරන්න ටිකක් අමාරුයි.එයට හේතුව මේ ලිපියේ හෙඩිමේ සිට අවසානය දක්වා ම සිතා මතා ලිව්වා දෝ කියා සිතෙන තරම් "මා කරමි", "මා ලියමි", "මා යමි" ආකාරයේ ව්‍යාකරණ දෝෂ තිබීමයි.

    පුදුමයි.

    අලුත් බ්ලොගයට ගොස් කියවන්නම්. මගේ නම් පොත් කියවීම හොඳටම අඩුවෙලා.

    ReplyDelete
    Replies
    1. මටත් මුලින්ම හිතුනු දේම, මම කියන්නට හිටි දේම රසික විසින් කියා ඇත..

      Delete
  8. සුබ පැතුම් හැලපේ

    ReplyDelete
  9. එහෙනම් සාහිත්‍ය රස විඳිමක් කරමු.

    ReplyDelete
  10. ඒ වැඩේ නම් මරු...!

    ReplyDelete
  11. බොහොම වටිනා වැඩක් හැලපෙ අයියා.. සුභපැතුම් නව බ්ලොගයට..

    ReplyDelete
  12. අපි ඉතින් මොකේ ලියුවත් ඇවිත් කියෝනව.. ලොකු ලොකු විචාර කරන්න තරම් නම් මෝරලා මදි.. ජය වේවා!

    ReplyDelete
  13. මම කියවන්නෙ ඉතිහාසය ගැන පොත් විතරයි. ඉතිං මේකෙ කමෙන්ට් කරන්න තරම් දැනුමක් නැතිවෙයි. කියවපු පොතුත් , කියවන් පොතුත් , ලියන අයත් මගෙ ඔලුවෙ වැඩි දවසක් රැදෙන්නෙ නෑ.

    ReplyDelete
  14. හොද අදහසක්. සුබ පැතුම්!

    ReplyDelete
  15. පොත් කියවීමත්, පොත් එකතු කිරීමත් මගෙ විනෝදාංශයක්.. අලුත් ල්බොගය ඒකටත් උදව්වක් වේවි හිතනවා...

    සුභපැතුම්...

    ReplyDelete
  16. හැළපෙගෙ අලුත් බ්ලොගට සුබ පැතුම්

    ReplyDelete
  17. ඒළ කිරි. අනිවා අපි කැමතියි

    ReplyDelete
  18. හොඳ අදහසක්. මම නම් දැනට එක බ්ලොගේ ලියනවා ඌකොම. නමුත් දේශපාලන ලිපි වෙන එහෙකට දාන්න අදහසක් තිබෙනවා.

    ReplyDelete
  19. බොහොම ස්තුතියි

    ReplyDelete
  20. බොහොම ස්තුතියි

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. අනේ හැලපයෝ !,
    හැට පැනල ඉන්න මන් , උඹේ බ්ලොග් එක දැක්කේ ගිය සුමානේ. ඒ වෙලාවේ ඉඳන් කියවල කියවල අදයි ඉවර කෙරුවේ. අපේ කාර්යලේදීත් කියෙව්වා , මහා එකා දැක්කනං කෙලින්ම්ම දොරෙන් එලියට. ඉතින් කියවපු කතා බොහොම හෂ්යජනක,රසවත් මගේ අතීතයට අදෙගන ගියා.
    ඔයාගේ කතා අවජ්‍යයි,බොක්කෙන් එන කතා, ආටෝප බහුබූත නැති. අටම්පහුර , හිස් ආහස ලිය්න බ්ලොගුත් වගේ. උඹට බොහොම ස්තුති.

    මන් අබරන්.
    ප.ලි
    උඹේ හමිනේටි,පුතාටයි thankyou කියන්න ඕනි මේ වැඩේ කරදර බාදක නැතුව ක‍රගෙන යන්න දීම ගැන.ඒ වගේම අටම්පුරටත්, හිස් අහසටත් ,
    ඒ දෙන්නගේ බ්ලොග්ගෙන් තමයි හැලපෙට පැන්නේ.
    අහා , කියන්න බැරි උනා, කොහෙන් ආවත් හැලප තියෙන ඕන තැනකට මම එනෙවා .
    දිගායුෂ.

    ReplyDelete
  23. ටික කාලයකට පස්සෙ මේ පැත්තට එන්න ලැබුනෙ. ඉතාම කාර්ය බහුල සමයක්. මගේ උණුසුම් හැලපයියෙ...ඔබට ජය !

    ReplyDelete
  24. ඔන්න මම නම් කියවන්න එනෝ.

    ReplyDelete

ඔබේ අදහස්